අංගුත්තර නිකාය

එක නිපාතය

15. එතදග්‍ර පාලිය (්)

219

බහුස්සුත ආනන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති) මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.

220

සතිමන්ත ආනන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.

221

ගතිමන්ත ආනන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

222

ධිතිමන්ත ආනන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

223

උපට්ඨාක ආනන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

224

උරුවෙල කස්සප එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ උරුවෙල කාශ්‍යප ස්ථවිර තෙම මහත් පිරිවර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

225

කාලුදායි එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ කාලුදායි ස්ථවිර තෙම කුලයන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

226

බක්කුල එතදග්ග සූත්‍රය—“මහණෙනි, බක්කුල ස්ථවිර තෙම නීරෝගීවූ භික්ෂුන් අතුරෙන් අග්‍රයි

227

සොහිත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සොහිත ස්ථවිර තෙම පූර්වෙනිවාසය (පෙර විසූ කඳපිළිවෙළ) සිහි කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

228

උපාලි එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ උපාලි ස්ථවිර තෙම විනයධරවූවන් අතුරෙන් අග්‍රයි.

229

නන්දක එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ නන්දක ස්ථවිර තෙම භික්ෂුණීන්ට අවවාද කරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

230

නන්ද එතදග්ග සූත්‍රය—“මහණෙනි, නන්ද නම් ස්ථවිර තෙම ඉන්ද්‍රියයන් කෙරෙහි වසනලද දොර ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

231

මහාකප්පින එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මහා කප්පින නම් ස්ථවිර තෙම භික්ෂූන්ට අවවාද කරන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.

232

සාගත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සාගත ස්ථවිර තෙම තෙජොධාතු සමාපත්තියට සමවදින්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

233

රාධ එතදග්ග සූත්‍රය—‘මහණෙනි, මේ රාධ ස්ථවිර තෙම දම්දෙසුම් වැටහීමට හේතුවූ නුවණ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

234

මොඝරාජ එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මොඝරාජ නම් ස්ථවිර තෙම රූක්ෂ (රළු) සිවුරු දරන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

සතරවෙනි වර්ගයයි.