අඞ්ගුත්තරනිකායො
එකාදසක නිපාතය
2. අනුස්සති වර්‍ගය
11. දුතිය සමාධි පටිලාභ සූත්‍රය
’’එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ කියා භික්‍ෂූන්ට අඬ ගා වදාළ සේක. ’’කිමෙක්ද, පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇති නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට වන්නේදැ’’ යි ඇසූ සේක.
ස්වාමීනි, අපට ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නායකකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේටම මේ භාසිතයාගේ අත්‍ර්‍ථය වැටහෙන සේක්වා. එය මැනව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා භික්‍ෂූහු එය දරන්නාහුය’’යි කීහ. ’’මහණෙනි, එසේ වී නම් අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමිනි, එසේය’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇති නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේය’’ යි වදාළ සේක.
’’ස්වාමීනි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට ඒ කෙසේ නම් වන්නේදැ’’ යි ඇසූහ.
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීමවූ, තෘෂ්ණාව නැසුවාවූ, නොඇල්මවූ, නිරෝධවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණිතයයි මෙබඳුවූ සංඥා ඇත්තේ වේද, මහණෙනි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට මෙසේ වන්නේය’’ යි වදාළ සේක.
පඨම සාරීපුත්ත සමාධිලාභ සූත්‍රය
’’එකල්හි වනාහි බොහෝ්වූ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පස්ව උන්හ. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීවාහුය.
’’ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට වන්නේදැ’’ යි ඇසූහ.
’’ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට වන්නේය’’ යි කී සේක.
’’ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට ඒ කෙසේ නම් වන්නේදැ’’ යි අසූහ.
’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මෙබඳු සංඥා ඇත්තේ වේද, එනම්, යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීමවූ, තෘෂ්ණාව ක්‍ෂයවූ, විරාගවූ, නිරෝධවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියායි. ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇති නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇති නොවන්නේද? වායුවෙහි වායුවය යන සංඥා ඇති නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇති නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇති නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇති නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇති නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැන ගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇති නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් මෙසේ වනාහි භික්‍ෂුහට වන්නේය’’ යි වදාළේය.
දුතිය සාරීපුත්ත සමාධි ලාභ සුත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ’’ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට වන්නේදැ’’ යි ඇසීය.
’’ඇවැත්නි, අපි වනාහි දුර සිටද ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි මෙබඳුවූ භාෂිතයාගේ අත්‍ර්‍ථය දැනගන්ට එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ භාෂිතයාගේ අත්‍ර්‍ථය වැටහේවා. ඒ මැනව. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්‍ෂූ එය දරන්නාහුය’’යි කීහ. ’’ඇවැත්නි, එසේ නම් අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි කීය. ’’ඇවැත්නි, එසේය’’ යි කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
’’ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂූහට වන්නේය’’ යි කීයේය.
’’ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් ඒ කෙසේ නම් භික්‍ෂූහට වන්නේදැ’’ යි ඇසූහ.
’’ඇවැත්නි මේ ශාසනයෙහි භික්‍ෂු තෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ඇත්තාවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීම ඇත්තාවූ, තෘෂ්ණා ක්‍ෂයවීම ඇත්තාවූ, විරාගය ඇත්තාවූ, නිරෝධය ඇත්තාවූ නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි මෙබඳු සංඥා ඇත්තේ වේද, ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් මෙසේ වනාහි භික්‍ෂූහට වන්නේය’’ යි කීයේය.
අනුස්සති වර්‍ගය නිමි.