අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(17) 2. අඝාත වර්‍ගය
6. වෙදයිත නිරොධ සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය.
’’ ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
’’දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. ’’ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
’’තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
’’ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මගේ වචනය වළක්වයි. කිසි භික්‍ෂුවක් තෙම මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. ’’ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
’’දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. ’’ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
’’තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය. ’’ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.
’’ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම තුන්වෙනි වර දක්වා වළක්වයි. මාගේ වචනය කිසි භික්‍ෂුවක් අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම නිශ්ශබ්ද වූයේය.
’’එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’උදායීය, නුඹ වනාහි කවර නම් ධ්‍යාන සිතින් නිපදවන ලද බ්‍රහ්ම කයක් බලාපොරොත්තු වෙහිද?’’
’’ස්වාමීනි, රූප නැත්තාවූ සංඥාවෙන් නිපන් යම් දෙවි කෙනෙක් වෙද්ද? ඔවුහුය’’ යි කීයේය.
’’උදායීය, අඥානවූ, අව්‍යක්තවූ තොපගේ කීමෙන් කවර ප්‍රයෝජනයක්ද? නුඹත් කියයුත්තෙකුකොට හඟින්නෙහිද?’’ වදාළේය.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක ආනන්‍දය, ස්ථවිර භික්‍ෂූහු වෙහෙසනු ලබන්නහුට උපෙක්‍ෂා වන්නහු නම් ඇත්තාහුද? ආනන්‍දය, ස්ථවිර භික්‍ෂුව වෙහෙසනු ලබන කල්හි කරුණාව ඇති බවකුත් නොවන්නේද? එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේයයිද, එයින් නැගිටින්නේයයිද මේ කාරණය ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම අර්හත්‍වයට නොපැමිණෙන්නේ නම් කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා ධ්‍යාන සිතින් නිපදවන ලද බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයික නිරෝධ සමාපත්තියට සමවදින්නේයයිද, එයින් නැගිටින්නේයයිද, මේ කාරණය ඇත්තේයයි’ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිය සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි ආයුෂ්මත් උපවාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය කීවේය. ’ ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, අන්‍යයෝ ස්ථවිර භික්‍ෂූන්ට වෙහෙසෙත්. අපි ඔවුන් නොවිචාරමු. ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටිසේක්, මෙයම අරභයා ප්‍රකාශ කරන්නේ නම් මෙය වනාහි ආශ්චර්‍ය්‍යයක් නොවේ. යම් සේ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ටම මෙහි ප්‍රතිවචන වැටහෙන්නේද, එසේයි. දැන්වම අපට දොම්නස ඇතුල්වීය’’ යි කීයේය.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය වදාළ සේක ’උපවානය, කෙතෙක් ධර්‍මවලින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියයෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙකුත් වේද?’’
’’ස්වාමීනි, ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවේද, ඇසූ දෙය දරන්නේ අසන ලද්දවුන්ගේ රැස්කිරිම ඇත්තේ වේද, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන ඝෝෂා ඇත්තේ, විහිදුවන ලද, කෙළතොලු නොවූ, අර්ත්‍ථය හඟවන්නාවූ පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, උතුම් සිතෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන්ගේ කැමැති පරිදි ලැබිම ඇත්තේ, පහසුවෙන් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය, අර්හත් ඵල ප්‍රඥාව මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද යන පසිනි.’’
’’ස්වාමීනි, ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’උපවානය, යහපති. යහපති, උපවානය. මේ ධර්‍ම පසින් වනාහි යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. උපවානය, ඉදින් මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුහුගේ විද්‍යමාන නොවන්නාහු නම්, කවර කාරණයකින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පූජා කරන්නාහුද? දත් වැටුනු බැවින්ද, හිස පැසුනු බැවින්ද, ඇඟ රැලි වැටුනු බැවින්ද, උපවානය යම් හෙයකිනුත් මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුහුගේ පවතිද්ද, එහෙයින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගෞරව කරත්. බුහුමන් කරත්. පූජා කරත්ය’’ යි වදාළ සේක.