අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
12. සාමඤ්ඤ වර්‍ගය
3. තපුස්සසුත්තං
’’මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්‍රත්‍යක්‍ෂකොට ජීවත්වෙයි.
’’කිනම් සයකින්ද යත්? බුදුන් කොරහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවේද, ධර්‍මයෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ඤාණයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍යවූ කෙලෙසුන්ගෙන් මිදීමෙන් යුක්තවූයේ වේද, මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්‍රත්‍යක්‍ෂකොට ජීවත්වෙයි.