අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

8. මුසාවාදාදී ඡධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.

’’කවර සයෙකින්ද යත්? බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද. හිස් වචන කියන්නේ වේද, ලෝභී වේද, ආඩම්බර වේද (යනුය.)මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.

’’ මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.

’’කවර සයෙකින්ද යත්? බොරු කීමෙන් වැලකුණේ වේද, කේලාම් කීමෙන් වැලකුණේ වේද, පරුෂ වචන කීමෙන් වැලකුණේ වේද. හිස් වචන කීමෙන් වැලකුණේ වේද, ලෝභ නැත්තේද, ආඩම්බර නැත්තේද, (යනුය.) මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.