අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
10. ආනිසංස වර්‍ගය
1. දුල්ලභපාතුභාව සූත්‍රය
’’මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.
’’කවර සයෙක්ද යත්? තථාගතවූ, අර්හත්වූ සම්මා සම්බුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය. තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභය. ඉන්‍ද්‍රියයන්ගේ අවිකලභාවය ලොව දුර්ලභය. ජඩ නොවීමද, කෙළතොලු හා ගොළු නොවීමද ලොව දුර්ලභය. පින් දහමට කැමැත්ත ලොව දුර්ලභය. මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.