අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

10. ආනිසංස වර්‍ගය

2. සෝතාපත්තානිසංස සූත්‍රය

’’මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.

’’කවර සයෙක්ද යත්? සද්‍ධර්මයට ඒකාන්තවූයේ වේද, නොපිරිහෙන ධර්ම ඇත්තේ වේද, සම්පූර්‍ණයෙන් අවසන් කළහුට දුකක් නොවේද, අසමාන නුවණින් යුතුද, ඔහුට හේතුව පෙනුණේ වේද, හේතුවෙන් හටගත් (ඵල) ධර්මයෝද පෙනුණාහු වේද, (යනුය) මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.