අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
10. ආනිසංස වර්‍ගය
3. නිච්චතො සමනුපස්සන සූත්‍රය
’’මහණෙනි, ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
’’මහණෙනි, ඒ භික්‍ෂුතෙම වනාහි ඒකාන්තයෙන් සියලු සංස්කාරය අනිත්‍ය වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.