සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
8. මහාදිට්ඨ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘කිසිවෙකු විසින් නොකරණලද කිසිවෙකුගේ විධානය නොකරණ ලද කිසිවෙකු විසින් නිර්මානය නොකරනලද නිර්මානය නොකරවනලද පර්වත කූටයක් මෙන් නිශ්ඵලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නො සැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
“පෘථුවිධාතු සමූහය, අපෝධාතු සමූහය, තේජෝ ධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණලදහ. කිසි විධානයක් නොකරණලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවනලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද, (එයින්) කිසිවෙක් කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද, සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තමයෝනීන් සම්බන්ධ තුදුස් ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාක්කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාචයෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය හතක්ද චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවය ගමන් කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද, මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණලද්ද මෙන් සසර සුවදුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් අඩ සිට) විසිකරණලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරති,’ යන මේ දෘෂ්ටි උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙ මැයි” කීය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි රූපය නිසා රූපය දැඩි වශයෙන් ගෙන රූපයට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලදහ. කිසිවෙකුගේ විධානයෙන්ද නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මානය නොකරන ලද, නිර්මානය නොකරවනලද, පර්වතකූටයක් මෙන් නිශ්චලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත් ධර්ම සමූහයෝ කවරහුද?
‘පෘථිවිධාතු සමූහය, අපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය, යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණලදහ. කිසි විධානයක් නොකරණලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවන ලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද, (එයින්) කිසිවෙක් කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල් වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තම යෝනීන් සම්බන්ධ තුදුස්ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාග්කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධකර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස්හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාචයෝනි සතක්ද, මහාවිල්සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය හතක්ද, චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවය ගමන් කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණලද්ද මෙන් සසර සුව දුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරත්’ යන මේ දෘෂ්ටි උපදියි.
[4] “වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාව දැඩි වශයෙන් ගෙන වේදනාවට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලද, කිසිවෙකුගේ විධානයෙන්ද නොකරණ ලද, කිසිවෙකු විසින් නිර්මානය නොකරනලද නිර්මානය නොකරවනලද පර්වත කූටයක් මෙන් නිශ්චලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක්වෙත්. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
“පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝ ධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණලදහ. කිසි විධානයක් නොකරණලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවනලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද (එයින්) කිසිවෙක් කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තම යෝනීන් සම්බන්ධ තුදුස්ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාක්කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධකර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාචයෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය හතක්ද, චූලාසීනි මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවය ගමන් කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
“එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණලද්ද මෙන් සසර සුව දුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණ ලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරත්, යන දෘෂ්ටිය උපදියි.
[5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාව දැඩි වශයෙන්
ගෙන සංඥාවට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලද, කිසිවෙකුගේ විධානයෙන්ද නොකරණ ලද, කිසිවෙකු විසින් නිර්මාණය නොකරන ලද නිර්මානය නොකරවන ලද, පර්වත කූටයක් මෙන් නිශ්චලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නොසැලෙත්. ප්‍රකෘතිය නොහරිත්. ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
‘පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය තෙජෝ ධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණ ලදහ. කිසි විධානයක් නොකරණ ලදහ. කිසිවෙකු විසින් නොමවන ලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවන ලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද (එයින්) කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද, සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි. ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තම යෝනීන් සම්බන්ධ තුදුස් ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්මපන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාග් කර්ම දෙකක්ද, මනෝ කර්ම නම්වූ අර්ධකර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී, පුරිෂභූමි අටද, ආජීවක වෘත්ති එකසිය නවසාළිසක්ද පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය හතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥි ගර්භ සතක්ද, සාලියවාදී අසංඥි ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨික ගර්භ සතක්ද, දේවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාච යෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසියසතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසියසතක්ද, චූලාසීති මහාකල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවය ගමන්කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද මෙසේ නැත්තේය. නැලියෙන් මැන ප්‍රමාණ කරන ලද්ද මෙන් සසර සුව දුක් කියන ලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණ ලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන්කරමින් සුව දුක් කෙළවර කරති’ යන මේ දෘෂ්ටිය උපදියි.
[6] “සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාර දැඩි වශයෙන්ගෙන සංස්කාරයන්ට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලද, කිසිවෙකුගේ විධානයෙන්ද නොකරණ ලද, කිසිවෙකු විසින් නිර්මානය නොකරණ ලද නිර්මානය නොකරවන ලද පර්වත කූටයක් මෙන් නිශ්චලවූ ඉන්ද්‍රඛීලයක්මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක්වෙත්. ඔවුහු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්, ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
‘පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහ සත (කිසිවෙකු විසින්) නොකරණ ලදහ. කිසිවිධානයක් නොකරණ ලදහ. කිසිවෙකු විසින් නොමවන ලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවන ලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද (එයින්) කිසිවෙක්, කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද, සත් වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තම යෝනීන් සම්බන්ධ තුදුස්ලක්ෂ හයදහස්හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද කර්ම තුනක්ද, කාය වාග්කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය හතලිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥි ගර්භ සතක්ද, සාලියවාදී අසංඥි ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දේවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍යයෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාච යෝනි සතක්ද මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසියසතක්ද, චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද, ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවය ගමන්කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණකරන ලද්ද මෙන් සසර සුව දුක් කියන ලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලන ලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණ ලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිද්දෙන්ම බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
[7] “විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා විඤ්ඤාණය දැඩිවශයෙන් ගෙන, විඤ්ඤාණයට බැසගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලද කිසිවෙකුගේ විධානයෙන්ද නොකරණ ලද, කිසිවෙකු විසින් නිර්මාණය නොකරනලද, නිර්මානය නොකරවනලද පර්වත කූටයක් මෙන් නිශ්චලවූ, ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ, ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
‘පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණ ලදහ. කිසි විධානයක් නොකරණ ලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවන ලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්. සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද, (එයින්) කිසිවෙක්, කිසිවෙක් ජීවිතයෙන් තොර නොකරයිද සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුල්වෙයි, ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තම යෝනීන් සම්බන්ධ තුදුස්ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කාය වාග් කර්ම දෙකක්ද, මනෝ කර්ම නම්වූ අර්ධකර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදි ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂභූමි අටද, ආජීවක වෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජික ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාගමණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥි ගර්භ සතක්ද, සාලියවාදී අසංඥි ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාච යෝනි සතක්ද, මහා විල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය සතක්ද, චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවය ගමන්කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරු වන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද, මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණ ලද්ද මෙන් සසර සුව දුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණ ලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන් කරමින් සුව දුක් කෙළවර කරත්’ යන දෘෂ්ටිය උපදියි.
[8] “මහණෙනි, ඒ කුමැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද? - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද දුකද වෙනස්වන ස්වභාවද එය දැඩි වශයෙන් නොගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලදහ. කිසිවෙකුගේ විධානය නොකරණ ලදහ. නොමවන ලදහ, මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන හෙයින් වඳයහ. පර්වත කූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. විකෘතියකට නොපැමිණෙත්. ඔවුනොවුන් නොගැටෙත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?
‘පෘථිවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සුඛය, දුකය ජීවය යන මේ සමූහ සත කිසිවෙකු විසින් නොකරණ ලදහ. විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මිතද නොකරණ ලදහ. නිර්මිත නොකරවන ලදහ. වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට බාධා නොකෙරෙත්. ඔවුනොවුන්ට සුව පිණිසද දුක් පිණිසද සුවදුක් පිණිසද නොසමත් වෙත්. යමෙකුන් තියණු ආයුධයකින් හිස සිඳිත්ද, කිසිවෙක් කිසිවෙකුත් ජීවිතය තොර නොකරත්ද සත් වැදෑරුම් ධාතූන්ගේ සිදුරු අතරෙන්ම ආයුධය ගමන් කරයි.
‘ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී ප්‍රධාන යෝනීන් සම්බන්ධ දසසතර ලක්ෂ දහදහස් හය සියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද කර්ම තුනක්ද, කාය වාග් කර්ම දෙකක්ද, මනෝකර්ම නම් අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර්කල්පයෝද, කෘෂ්ණාදී ජාති සයක්ද, පුරිෂ භූමි අටක්ද, එක්සිය නවසාළිස් ආජීවකාවන්ද, එක්සිය නවසාළිස් පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යාවෝද, එක්සිය නවසාළිස් නාග මණ්ඩලයෝද, එක්සිය විසි ඉන්ද්‍රියයෝද, එකසියතිස් නිරයෝද, අත් පා පිටු ආදී සතිස් රාජෝධාතූහුද ඔටු ගවාදී සංඥී ගැබ් සතක්ද, සාලියවාදී අසංඥී ගැබ්සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨික ගැබ්සතක්ද දිව්‍ය නිකාය සතක්ද, මනුෂ්‍ය යෝනි සතක්ද, පිසාච යෝනි සතක්ද, මහා විල්සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය සතක්ද, වෙත්. චුල්ලාසීති මහා කල්පලක්ෂයක් බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන්කොට සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයන් නිසා හෝ මේ ව්‍රතය නිසා හෝ මේ තපස නිසා හෝ බ්‍රහ්මචර්යාව නිසා හෝ නුමුහු කිරීමට ගියාවූ කර්මය හෝ මුහුකරවන්නෙමි. මුහු කිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශකරමින් ගෙවන්නෙමියි කියා මෙසේ නැත්තේය. නැළියෙන් මැණ ප්‍රමාණකරණ ලද්දක් මෙන් සුවදුක් (කියනලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කල කල්හි සසරෙහි, අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක හෝ ගසක් උඩ හෝ සිට විසි කරණ ලද නූල් බෝලයක් යම්සේ නොපැකිලීම යයිද (නූල අවසන්වූ කල්හි එහිම සිටීද) එපරිද්දෙන්ම බාලයෝද පණ්ඩිතයෝද කාලයාගේ වශයෙන් නොපැකිලෙන්නාහු සුව දුක් කෙළවර කරත්’ යන මේ දෘෂ්ටි උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
[9] “වේදනාව නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක්වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලදහ. කිසිවෙකුගේ විධානය නොකරණ ලදහ. නොමවන ලදහ. මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන හෙයින් වඳයහ. පර්වත කූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. විකෘතියකට නොපැමිණෙත්. ඔවුනොවුන් නොගැටෙත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?
‘පෘථිවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සුඛය දුකය ජීවය යන මේ සමූහ සත කිසිවෙකු විසින් නොකරණ ලදහ. විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මිතද නොකරණ ලදහ. නිර්මිත නොකරවන ලදහ. වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත් වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට බාධා නොකෙරෙත්. ඔවුනොවුන්ට සුව පිණිසද දුක් පිණිද සුවදුක් පිණිසද නොසමත් වෙත්. යමෙකුන් තියණු ආයුධයකින් හිස සිඳිත්ද, කිසිවෙක් කිසිවෙකුත් ජීවිතය තොර නොකරත්ද, සත් වැදෑරුම් ධාතූන්ගේ සිදුරු අතරෙන්ම ආයුධය ගමන් කරයි.
‘ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී ප්‍රධාන යෝනීන් සම්බන්ධ දසසතර ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කාය වාග්කර්ම දෙකක්ද, මනෝ කර්ම නම් අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර් කල්පයෝද, කෘෂ්ණාදි ජාති සයක්ද, පුරිෂ භූමි අටක්ද, එක්සිය නවසාළිස් ආජීවකාවන්ද, එක්සිය නවසාළිස් පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යාවෝද, එක්සිය නවසාළිස් නාගමණ්ඩලයෝද, එක්සිය විසි ඉන්ද්‍රියයෝද, එකසියතිස් නිරයෝද සතිස් රාජෝධාතූහුද, ඔටු ගවාදී සංඥී ගැබ් සතක්ද, සාලියවාදී අසංඥී ගැබ් සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨික ගැබ් සතක්ද, දිව්‍ය නිකාය සතක්ද, මනුෂ්‍යයෝනි සතක්ද, පිසාචයෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය සතක්ද, වෙත්. චුල්ලාසීති මහා කල්ප ලක්ෂයක් බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම, මේ අචේලක සීලයන් නිසා හෝ මේ ව්‍රතය නිසා හෝ මේ තපස නිසා හෝ බ්‍රහ්මචර්යාව නිසා හෝ නුමුහු කිරීමට ගියා වූ කර්මය හෝ මුහුකරවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවන්නෙමියි කියා මෙසේ නැත්තේය. නැළියෙන් මැණ ප්‍රමාණ කරණ ලද්දක් මෙන් සසර සුවදුක් (කියනලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කළ කල්හි සසරෙහි, අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක හෝ ගසක් උඩ හෝ සිට වීසිකරණ ලද නූල් බෝලයක් යම්සේ නොපැකිලීම යයිද (නූල අවසන්වූ කල්හි එහිම සිටීද) එපරිද්දෙන්ම බාලයෝද පණ්ඩිතයෝද කාලයාගේ වශයෙන් නොපැකිලෙන්නාහු සුවදුක් කෙළවර කරත්.’ යන මේ දෘෂ්ටි උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
[10] “සංඥාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකයි.”
“යමක්වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරන ලදහ. කිසිවෙකුගේ විධානය නොකරණ ලදහ. නොමවන ලදහ. මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන ලද හෙයින් වඳයහ. පර්වත කූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. විකෘතියකට නොපැමිණෙත්. ඔවුනොවුන් නොගැටෙත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක පිණිස හෝ සැපදුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?
‘පෘථිවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සුඛය, දුකය ජීවය යන මේ සමූහ සත කිසිවෙකු විසින් නොකරණ ලදහ. විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මිතද නොකරණ ලදහ. නිර්මිත නොකරවන ලදහ. වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත් ඔවුනොවුන්ට බාධා නොකෙරෙත්, ඔවුනොවුන්ට සුව පිණිසද දුක් පිණිසද සුවදුක් පිණිසද නොසමත් වෙත්. යමෙකුන් තියුණු ආයුධයකින් හිස සිඳිත්ද, කිසිවෙක් කිසිවෙකුන් ජීවිතය තොර නොකරත්ද සත් වැදෑරුම් ධාතූන්ගේ සිදුරු අතරෙන්ම ආයුධය ගමන් කරයි.
“ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී ප්‍රධාන යෝනීන් සම්බන්ධ දසසතර ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කායවාග් කර්ම දෙකක්ද, මනෝ කර්ම නම් අර්ධ කර්මයද දෙසැටක් ප්‍රතිපදාවෝද දෙසැටක් අන්තර් කල්පයෝද, කෘෂ්ණාදී ජාති සයක්ද, පුරිෂ භූමි අටක්ද, එක්සිය නවසාළිස් ආජීවකාවන්ද, එක්සිය නවසාළිස් පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යාවෝද, එක්සිය නවසාළිස් නාගමණ්ඩලයෝද, එක්සිය විසි ඉන්ද්‍රියයෝද එකසිය තිස් නිරයෝද සතිස් රාජෝධාතූහුද, ඔටු ගව ආදී සංඥී ගැබ් සතක්ද, සාලියවාදී අසංඥී ගැබ් සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගැබ් සතක්ද, දිව්‍ය නිකාය සතක්ද, මනුෂ්‍යයෝනි සතක්ද, පිසාච යෝනි සතක්ද, මහා විල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහාස්වප්න සතක්ද, කුඩා ස්වප්න එක්සිය සතක්ද වෙත්. චුල්ලාසීති මහා කල්පලක්ෂයක් බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන් කොට සැරිසරා දුක් කෙළවරකරන්නාහ.
“එහි මම මේ අචේලක සීලයන් නිසා හෝ මේ ව්‍රතය නිසා හෝ මේ තපස නිසා හෝ බ්‍රහ්මචර්යාව නිසා හෝ නුමුහු කිරීමට ගියාවූ කර්මය හෝ මුහුකරවන්නෙමි. මුහු කිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවන්නෙමියි කියා මෙසේ නැත්තේය. නැළියෙන් මැන ප්‍රමාණ කරණ ලද්දක් මෙන් සසර සුවදුක් (කියනලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කළ කල්හි සසරෙහි, අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක හෝ ගසක් උඩ හෝ සිට වීසි කරණ ලද නූල් බෝලයක් යම්සේ නොපැකිලීම යයිද? (නූල අවසන්වූ කල්හි එහිම සිටීද) එපරිද්දෙන්ම බාලයෝද පණ්ඩිතයෝද කාලයාගේ වශයෙන් නොපැකිලෙන්නාහු සුව දුක් කෙළවර කරත් යන මේ දෘෂ්ටි උපදනේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස් වන ස්වභාවද එය දැඩි වශයෙන් නොගෙන ‘මේ සත් වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලදහ. කිසිවෙකුගේ විධානය නොකරණ ලදහ. නොමවන ලදහ. මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන හෙයින් වඳයහ. පර්වත කූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. විකෘතියකට නොපැමිණෙත්. ඔවුනොවුන් නොගැටෙත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?
පෘථිවි සමූහය, ආපෝ සමූහය, තෙජෝ සමූහය, වායෝ සමූහය, සුඛය, දුකය ජීවය යන මේ සමූහ සත කිසිවෙකු විසින් නොකරණලදහ. විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මිතද නොකරණලදහ. නිර්මිත නොකරවන ලදහ. වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට බාධා නොකෙරෙත්. ඔවුනොවුන්ට සුව පිණිසද දුක් පිණිසද සුවදුක් පිණිසද නොසමත් වෙත්, යමෙකුන් තියුණු ආයුධයකින් හිස සිඳිත්ද, කිසිවෙක් කිසිවෙකුත් ජීවිතය තොරනොකරත්ද, සත්වැදෑරුම් ධාතූන්ගේ සිදුරු අතරෙන්ම ආයුධය ගමන් කරයි.
“ක්ෂත්‍රිය බ්‍රහ්මණාදී ප්‍රධාන යෝනින් සම්බන්ධ දස සතර ලක්ෂ හයදහස් හයසියයක්ද කර්ම පන්සියයක්ද කර්ම පසක්ද කර්ම තුනක්ද කායවාග් කර්ම දෙකක්ද මනෝකර්ම නම් අර්ධ කර්මයද දෙසැටක් ප්‍රතිපදාවෝද දෙසැටක් අන්තර් කල්පයෝද, කෘෂ්ණාදි ජාති සයක්ද, පුරිෂභූමි අටක්ද, එක්සිය නවසාළිස් ආජීවකාවන්ද, එක්සිය නවසාළිස් පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යාවෝද එක්සිය නවසාළිස් නාගමණ්ඩලයෝද, එක්සිය විසි ඉන්ද්‍රියයෝද, එක්සියතිස් නිරයෝද, සතිස් රාජොධාතූහුද, ඔටු ගවාදී සංඥී ගැබ් සතක්ද, සාලියවාදී අසංඥී ගැබ් සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගැබ් සතක්ද, දිව්‍ය නිකාය සතක්ද, මනුෂ්‍යයෝනි සතක්ද, පිසාච යෝනි සතක්ද, මහා විල්සතක්ද, ගැට සතක්ද, මහාප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසියසතක්ද, වෙත්. චුල්ලාසීති මහා කල්ප ලක්ෂයක් බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවයට ගමන් කොට සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ සීලයන් නිසා හෝ මේ ව්‍රතය නිසා හෝ මේ තපස නිසා හෝ තපවරණය නිසා හෝ බ්‍රහ්මචර්යාව නිසා හෝ නුමුහු කිරීමට ගියාවූ කර්ය හෝ මුහුකරවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවන්නෙමියි කියා මෙසේ නැත්තේය. නැළියෙන් මැණ ප්‍රමාණ කරණ ලද්දක් මෙන් සුවදුක් (කියනලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කළ කල්හි සසරෙහි, අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක හෝ ගසක් උඩ හෝ සිට විසිකරණ ලද නූල් බෝලයක් යම්සේ නොපැකිලීම යයිද (නූල අවසන්වූ කල්හි එහිම සිටීද) එපරිද්දෙන්ම බාලයෝද පණ්ඩිතයෝද, කාලයාගේ වශයෙන් නොපැකිලෙන්නාහු සුවදුක් කෙළවර කරත්.’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
[12] “විඥානය, නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද,” - “ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන මේ සත් වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණලදහ. කිසිවෙකුගේ විධානය නොකරණ ලදහ. නොමවන ලදහ. මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන හෙයින් වඳයහ. පර්වත කූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. විකෘතියකට නොපැමිණෙත්. ඔවුනොවුන් නොගැටෙත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?”
‘පෘථිවි සමූහය, ආපෝ සමූහය, තෙජෝ සමූහය, වායෝ සමූහය, සුඛය, දුකය, ජීවය යන සමූහ සත කිසිවෙකු විසින් නොකරණලදහ. විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නිර්මිතද නොකරණ ලදහ. නිර්මිත නොකරවන ලදහ. වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියහ. ඔවුහු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට බාධා නොකෙරෙත්. ඔවුනොවුන්ට සුව පිණිසද, නොසමත් වෙත්. යමෙකුන් තියුණු ආයුධයකින් හිස සිඳිත්ද, කිසිවෙකුන් ජීවිතය තොර නොකරත්ද, සත් වැදෑරුම් ධාතූන්ගේ සිදුරු අතරෙන්ම ආයුධය ගමන් කරයි. ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී ප්‍රධාන යෝනීන් සම්බන්ධ දසසතර ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද, කර්මපසක්ද, කර්ම තුනක්ද, කාය වාග් කර්ම දෙකක්ද, මනෝ කර්ම නම් අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ජාති සයක්ද, පුරිෂභූමි අටක්ද, එක්සිය නවසාළිස් ආජීවකාවන්ද එක්සියනවසාළිස් පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යාවෝද, එක්සිය නවසාළිස් නාගමණ්ඩලයෝද, එක්සිය විසි ඉන්ද්‍රියයෝද, එක්සියතිස් නිරයෝද, සතිස් රාජොධාතුහුද ඔටු ගවාදී සංඥී ගැබ් සතක්ද, සාලිසවාදී අසංඥී ගැබ්සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨික ගැබ්සතක්ද, දිව්‍ය යෝනී සතක්ද, මනුෂ්‍යයෝනි සතක්ද, පිසාච යෝනි සතක්ද, මහා විල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද කුඩා ස්වප්න එකසිය සතක්ද වෙත්. චුල්ලාසීති මහා කල්ප ලක්ෂයක් බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන්කොට සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයන් නිසා හෝ මේ ව්‍රතය නිසා හෝ මේ තපස නිසා හෝ බ්‍රහ්මචර්යාව නිසා හෝ නුමුහු කිරීමට ගියාවූ කර්මය හෝ මුහුකරවන්නෙමි. මුහු කිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවන්නෙමියි කියා මෙසේ නැත්තේය. නැළියෙන් මැණ ප්‍රමාණ කරණ ලද්දක් මෙන් සුවදුක් (කියන ලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කළ කල්හි සසරෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක හෝ ගසක් උඩ හෝ සිට විසිකරණ ලද නූල් බෝලයක් යම්සේ නොපැකිලීම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම සිටීද) එපරිද්දෙන්ම බාලයෝද, පණ්ඩිතයෝද, කාලයාගේ වශයෙන් නොපැකිලෙන්නාහු සුවදුක් කෙළවර කරත්. යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
[13] “මෙසේ දක්නාලද, අසනලද, නාසය, දිව, කය යන තුනෙන් දැන ගන්නාලද, සිතින් දන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද සිතින් විමසන ලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද? එය දුක් හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිවශයෙන් නොගැනීම නිසා ‘මේ සත්වැදෑරුම් කායයෝ කිසිවෙකු විසින් නොකරණ ලද්දාවූද, කිසිවෙකු විසින් විධාන නොකරණ ලද්දාවූද, කිසිවෙකු විසින් නොමවන ලද්දාවූද, කිසිවකු ලවා මැවීම නොකරවන ලද්දාවූ කිසිවෙකු නූපදවන හෙයින් වඳවූ, පර්වතයක් මෙන් නිශ්චලව සිටින්නාවූ ඉන්දඛීලයක් මෙන් නොසෙල්වී සිටින්නාවූ ධර්ම සමූහ සතක්වෙත්. ඔව්හු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට පීඩාද නොකරත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත කවරහුද යත්?
‘පෘථිවි ධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛය, දුක්ඛය, ජීවය යන මොහුයි. මේ සමූහ සත කිසිවෙකු විසින් නොකරණ ලදහ. කිසිවෙකු විසින් විධානය නොකරණ ලදහ. කිසිවෙකු විසින් නොමවන ලදහ. කිසිවෙකු ලවා මැවීම නොකරවන ලදහ. කිසිවෙකු නූපදවන හෙයින් වඳයහ. පර්වතයක් මෙන් නිශ්චලව සිටින්නාහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වී සිටින්නාහ. ඔව්හු කම්පා නොවෙත්. වෙනසකටද නොපැමිණෙත්. ඔවුනොවුන්ට පීඩාද නොකරත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් යමෙකුගේ තියුණුවූ ආයුධයකින් හිස සිඳීද, කිසිවෙක් කිසිවෙකුගේ ජීවිතය තොර නොකරද්ද, සත්වැදෑරුම් ධාතූන්ගේ අතරෙන්ම ආයුධය ගමන් කෙරේ.
‘ක්ෂතිය බ්‍රාහ්මණාදී මේ තුදුස් ලක්ෂහයදහස් හයසියයක්, උත්තම යෝනීහුද කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කාය වාග් කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධකර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද දෙසැටක් අන්තර් කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, පුරිෂ භූමි අටක්ද, ආජීවක වෘත්ති එක්සිය සතළිස් නවයක්ද, පරිව්‍රාජ ප්‍රව්‍රජ්ජා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත්පා පිටු ආදී රාජෝධාතු තිස්හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් හුණ ආදී නිර්ඝණ්ඨික ගර්භ සතක්ද, දේවයෝනි සතක්ද, නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද, නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාච යෝනි සතක්ද, විල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා සීන සතක්ද, කුඩා සීන එකසිය සතක්ද, චූලාසීති මහාකල්ප ලක්ෂයක්ද, බාලයෝද, පණ්ඩිතයෝද භවයෙන් භවය ගමන්කොට සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ සීලයෙන් හෝ වෘත්තයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොගියාවූ කර්මයා හෝ මුහුකුරුවන්නෙමි, මුහු කිරීමට ගියාවූ හෝ කර්මය ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමියි කියාද, මෙසේ නැත්තේය. නැලියෙන් මැන ප්‍රමාණ කරණ ලද්දාක්මෙන් සුව දුක් (කියන ලද කාල ප්‍රමාණයෙන්) කෙළවර කළ කල්හි සසරෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. පර්වතයක් උඩ හෝ ගසක් උඩ සිට වීසි කරණලද නූල් බෝලයක් නොපැකිල යම්සේ යයිද (නූල අවසන්වූ කල්හි එහිම නවතීද) එපරිද්දෙන්ම බාලයෝද, පණ්ඩිතයෝද (කාලයාගේ වශයෙන්) නොපැකිල යන්නාහු සුව දුක් කෙළවර කරන්නේය’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි. එය නොවන්නේමය.”
“මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ සයවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛනිරෝධයෙහිද සැකදුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරු වූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්න යෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(අටවෙනි මහාදිට්ඨ සූත්‍රය නිමි.)