සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
1. සමාධි වර්ගය
8. පාපක චින්තා සූත්‍රය
“මහණෙනි, ලෝකය සදාකාලිකය කියාද ලෝකය සදාකාලික නොවේයයි කියාද ලොව කෙළවර ඇත කියාද ලොව කෙළවර නැත කියාද, ජීවිතයත් එයමය, ශරීරයත් එයමය කියාද, ජීවය අනිකක්ය, ශරීරය අනිකක්ය කියාද සත්වතෙමේ මරණින් මතු වෙයි හෝ නොවෙයි කියාද, සත්ව තෙමේ මරණින්මතු වන්නේ නොවෙයි හෝ නොවන්නේ නොවෙයි කියාද, ලාමක අකුසල සිත් නොසිතමි. ඊට හේතුව කවරේද?
“මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් නොවෙති. කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරොධය පිණිසද, සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද, මනා අවබොධය පිණිසද නොපවතී, නිවන් පිණිසද නොපවතියි.
“මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මේ දුකයයි සිතව්. මේ දුක් ඉපදීමේ හේතුවයයි සිතව්. මේ දුක් නැති කිරීමයයි සිතව්. මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි සිතව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නේය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නේය. මේ සිතීම කළකිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිරොධය පිණිසද සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද, මනා අවබොධය පිණිසද නිවන් පිණිසද පවතියි.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)