ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

7. සකචින්තනිය වග්ග

5. භිසදායක ථෙරාපදානය

’’නම්න් වෙස්සභූ නම් වූ බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් ( විපස්සී - සිඛී - වෙස්සභූ) විය. පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම මහ වනයට පිවිස (එහි) විසීය.

’’නෙළුම්ද, නෙළුම් දඬුද ගෙන බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන්වූයේ සියතින් එය බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’උතුම් නුවණැති වෙස්සභූ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පරාමර්‍ශනය කරන (පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නොදනිමි. එයට වැඩි සැපයෙක් නම් කොයින්ද?

’’සියලු භවයෝ නසන ලදහ. මාගේ අන්තිම භවය වේ. (එකල) හස්ති රාජයෙකු වු මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරණ ලදී.

’’මින් තිස් එක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. නෙලුඹල දානයාගේ මේ විපාකයයි.

’’තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමොධාන නම්න් මනුෂ්‍යාධිපතිවූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භිසදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.