ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

7. සකචින්තනිය වග්ග

6. සුචින්තිත ථෙරාපදානය

’’(මම) විශිෂ්ඨ ජන්ම ඇති කේශර සිංහරාජයෙකු වැනි ගිරිදුර්‍ගයන්හි හැසිරෙන නෙසාදයෙක් වීමි. මෘග සමූහයා මරාගෙන කඳු අතරෙහි ජීවත්වෙමි.

’’සර්‍වඥවූ, කථාකරන්නවුනට ශ්‍රෙෂ්ඨවූ, ඒ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම මා (පවින්) නගාසිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩි සේක.

’’පසද මෘගයෙකු මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙම පිඬු සිඟමින් (එතැනට) වැඩි සේක.

’’(එහි) උතුම් මස් ගෙන එම ශාස්තෲන් වහන්සේට දුනිමි. මහාවීරවූ බුදුරජාණන් වහන්සේ එකල්හි මාගේ (සිත) නිවමින් අනුමෝදනා කළ සේක.

’’මම එම චිත්තප්‍රසාදයෙන් (යුතුව) ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා (මම) එහි කළුරිය කෙළෙමි.

’’මෙම මස් දන කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනාවන්) කරණකොට ගෙනද එක් දහස් පන්සියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.

’’අවෂෙශ කල්පයන්හිද මා විසින් කුසල් රැස් කරණ ලදී. මම මාගේ දානයෙන්ද, බුදු ගුණ සිහි කිරීමෙන්ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අටදෙනෙක් වූහ. මින් කල්ප සදහසකින් පෙර වරුණ නම්න් දෙව් රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුචින්තිතත්ථෙරස්සාපදානං ඡට්ඨං.