ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
9. සුමන ථෙරාපදානය
’’මම එකල්හි නම්න් සුමණ නම් මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙළෙස් රජස් රහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ ’’සිඛී’’ නම් බුදුරජාණන් වහන්සේ දුටිමි.
’’දෝතින් උතුම් සමන් මල් (මිටක්) ගෙන සිඛී බුදුරජාණන් වහන්සේට පිදීමි.
’’මෙම මල් පූජාව කරණකොට ගෙනද, චිත්තප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනාවන්) කරණකොට ගෙනද දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’විස්වන කපෙහි මහත් යසස් ඇති, සත් රුවණින් යුත් සක්විති රජවරු සිව් දෙනෙක් වුහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුමනත්ථෙරස්සාපදානං නවමං.