ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
2. පදසඤ්ඤක ථෙරාපදානය
’’තිස්ස බුදුරජාණන් වහන්සේගේ තබන්නාවූ ශ්‍රී පාදය දැක සතුටුවූයේ සතුටු සිතින් ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.
’’මින් දෙඅනූවන කපෙහිවූ යම් (ශ්‍රීපාද පිළිබඳ) සංඥාවක් ලැබීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද සංඥාවෙහි (සිරිපා සටහන් ගෙන එය පිදීමෙහි) මේ විපාකයයි.
’’මින් සත්වන කපෙහි සත්රුවණින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.