ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
3. බුද්‍ධසඤ්ඤක ථෙරාපදානය
’’ගසක් මුදුනෙහි එල්වන ලද බුදුරජාණන් වහන්සේගේ පංශුකූල සිව්ර දැක, ඉක්බිති එයට ඇඳිලි බැඳ, මම (එම) පාංශුකූල සිවුර වැන්දෙමි.
’’මින් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි මේ විපාකයයි.
මින් සිව්වන කපෙහි සිව් මහ දිවයින හා සිව් මහ සයුර කෙළවරකොට ඇති, පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නාසුළුවූ, මහත් බල ඇති, දුමසාර නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං තතියං.