ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
4. භිසාලුවදායක ථෙරාපදානය
’’මම මහ වනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
’’(උන්වහන්සේට) අත දෝනා දියෙහිවූ නෙළුඹලද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ, උතුරුදිගට මුහුණලා ගියෙමි.
’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි නෙළුම් අල දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයයි.
මින් තෙවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
භිසාලුවදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
ඡට්ඨභාණවාරං.