ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
5. එක සඤ්ඤක ථෙරාපදානය
’’විපස්සී බුදුරජාණන් වහන්සේගේ නම්න් චණ්ඩ නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරහි මා විසින් එක් භික්‍ෂාවක් දෙන ලදී.
’’විපදෝත්තමයාණන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම චිත්ත ප්‍රසාදය හේතුකොටගෙන දුගතියක් නොදනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකයයි.
මින් සතළිස්වන කපෙහි සත් රුවනින් යුත්වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.