ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

8. නාගසමාල වග්ග

9. ඨිතඤ්ජලීය ථෙරාපදානය

’’මම පෙර මහවනයෙහි මුව වැද්දෙක්වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

’’නුදුරු තන්හි නියමිත පත් ඇතිරියෙහි වැඩහුන් උන්හවන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.

’’එකල්හි මාගේ හිස මත අකුණක් (හෙනයක්) වැටුනි. ඉක්බිති මැරෙන කල්හිද ඒ මම නැවත ඇඳිලි කෙළෙමි.

’’මින් දෙයානූවන කපෙහිවූ එකල්හි (යම්) ඇඳිලි (බැඳීමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඤ්ජලී කර්‍මයාගේ මේ විපාකයයි.

සූපණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඨිතඤ්ජලියත්ථෙරස්සාපදානං නවමං.