අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
2. අනුප්පන්නධම්ම සූත්‍රය
’’මහණෙනි, නූපන්නාවූ ධර්‍මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.