අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
9. භාවිත එකන්ත නිබ්බිදා සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම දහයක් පුරුදු කරණ ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනක නැත.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.