අංගුත්තර නිකාය
එක නිපාතය
3. පුග්ගල වර්ගය
24. බහුපකාර පුග්ගල සූත්‍රය
“මහණෙනි, මේ (ආචාර්‍ය්‍ය) පුද්ගලයෝ තුන්දෙනෙක් අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. මහණෙනි, අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙක් වෙත පැමිණ බුදුන් සරණ ගියේ වේද ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙකු කරා පැමිණ මේ දුකයයි තතුසේ දැන ගණීද, මේ දුකට හේතුවයයි තතුසේ දැනගනීද, මේ දුක නැතිකිරීමයයි තතුසේ දැනගනීද, මේ දුක නැතිකිරීමේ මාර්ගයයි තතුසේ දැනගනීද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් යම් පුද්ගලයෙක් කරා පැමිණ මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගලයන් තුන්දෙනාට වඩා මේ අතවැසි පුද්ගලයාට අතිශයින් උපකාර ඇත්තාවූ අන්‍ය පුද්ගලයෙක් නැත්තේයයි කියමි. මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගලයන් තුන්දෙනාට මේ අන්තේවාසික පුද්ගලයා විසින් යම් මේ වැඳීමය, නැගිටීමය, ඇඳිලිබැඳීමය, බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩභෝජනය, සෙනසුන්ය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් හා පිරිකරය යන මේදේ දීමෙන් ප්‍රත්‍යුපකාර කරන්ට නොහැකියි කියමියි” වදාළේය.