අංගුත්තර නිකාය
එක නිපාතය
5. චූල වර්ගය
49. ආතප්පකරණීය සූත්‍රය
“මහණෙනි, කරුණු තුනකින් වීර්‍ය්‍යය කටයුතුවේ. කවර තුනකින්ද යත්, නූපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස වීර්‍ය්‍යය කටයුතුයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදවීම පිණිස වීර්‍ය්‍යය කටයුතුයි. උපන්නාවූ ශාරීරිකවූ දුක්වූ තියුණුවූ කෲරවූ කටුකවූ අමිහිරිවූ අමනාපවූ ප්‍රාණය නැති කරන්නාවූ වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුයි. මහණෙනි, මහණතෙම යම්කලක පටන් නූපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදවීම පිණිස වීර්‍ය්‍යය කෙරේද, නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදවීම පිණිස වීර්‍ය්‍යය කෙරේද, උපන්නාවූ ශාරීරිකවූ දුක්වූ තියුණුවූ කෲරවූ කටුකවූ අමිහිරිවූ අමනාපවූ ප්‍රාණය නැති කරන්නාවූ වෙදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කෙරේද, මහණෙනි, මේ මනාකොට දුක් කෙළවර කිරීම පිණිස කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ නුවණ ඇත්තාවූ සිහියෙන් යුක්තවූ භික්ෂුවයයි කියනු ලැබේ”