අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(11) 1. වලාහක වර්‍ගය
4. රහද චතුක්ක සූත්‍රය
’’මහණෙනි, මේ දියවිල් සතරක් වෙත්. කවර සතරක්ද යත්? නොගැඹුරුවූ, ගැඹුරු පෙනීමක් ඇති එකෙක. ගැඹුරුවූ, නොගැඹුරු පෙනීම ඇති එකෙක. නොගැඹුරුවූ, නොගැඹුරු පෙනීම ඇති එකෙක. ගැඹුරුවූ, ගැඹුරු පෙනීම ඇති එකෙක. මහණෙනි, මේ සතර දිය විල් වෙත්. මහණෙනි, එසේ විල් ජලයට බඳු උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. නොගැඹුරු ගැඹුරු පෙනීමක් ඇති, ගැඹුරු නොගැඹුරු පෙනීම ඇති, නොගැඹුරු නොගැඹුරු පෙනීම ඇති, ගැඹුරු ගැඹුරු පෙනීම ඇති පුද්ගලයාය යන සතර දෙනය.’’