අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(11) 1. වලාහක වර්‍ගය

5. රහදොපම සූත්‍රය

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම නොගැඹුරු වූයේ ගැඹුරු පෙනීමක් ඇත්තේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?

’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම නොගැඹුරු වූයේ, ගැඹුරු පෙනීමක් ඇත්තේය. මහණෙනි, ඒ දිය විල නොගැඹුරු වූයේ, ගැඹුරු පෙනීමක් ඇත්තේ යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.

’’මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ ගැඹුරු වේද, නොගැඹුරු පෙනීමක් ඇත්තේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?

’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගැඹුරුවේ. නොගැඹුරු පෙනීමක් ඇත්තේ වේ. මහණෙනි, ගැඹුරු නොගැඹුරු පෙනීම ඇති ඒ දිය විල යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම නොගැඹුරු වේද, නොගැඹුරු පෙනීම ඇත්තේ වේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?

’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම නොගැඹුරුවේ. නොගැඹුරු පෙනීම ඇත්තේ වේ. මහණෙනි, යම්සේ නොගැඹුරු. නොගැඹුරු පෙනීම ඇති දිය විල යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.

’’මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු පෙනීම ඇති පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?

’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගැඹුරුවේ. ගැඹුරු පෙනීම ඇත්තේ වේ. මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු පෙනීම ඇති දිය විලක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මේ දිය විලකට බඳු උපමා ඇති සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’