අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(11) 1. වලාහක වර්‍ගය
7. මුසකොපම සූත්‍රය
’’මහණෙනි, මේ මීයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. ගුලක් කරණ, එහි නොවසන එකෙක. ගුලක වාසය කරණ, ගුලක් නොහදන එකෙක. ගුලක් නොහදන, වාසයද නොකරණ එකෙක. ගුලක් හදන, එහි වාසයද කරණ එකෙක. මහණෙනි, මේ මීයෝ සතර දෙනය. මහණෙනි, එසේම මීයන්ට උපමා කළ හැකි මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. ගෙවල් හදන, නොවසන එකෙක. වසන ගෙවල්, නොහදන එකෙක. ගෙවල්ද නොහදන, වාසයද නොකරණ එකෙක. ගෙවල් හදන, වාසයද කරණ එකෙක. මහණෙනි, ගෙවල් හදන, නොවසන පුද්ගලයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර, ගාථා මිශ්‍ර සූත්‍ර, නිර්ගාථක සූත්‍ර, ගාථා, ප්‍රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්‍ර, පූර්‍වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්.
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනී.
’’මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගෙය කරන්නේය. එහි නොවසන්නේය. මහණෙනි, ගෙයක් හදන, නොවසන මීයෝ යම්සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි. ’’මහණෙනි, වසන ගෙවල් නොහදන පුද්ගලයා කවරේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර, ගාථා මිශ්‍ර සූත්‍ර, නිර්ගාථක සූත්‍ර, ගාථා, ප්‍රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්‍ර, පූර්‍වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණ නොගනිත්.
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද,
’’මහණෙනි, පුද්ගල තෙම මෙසේ වසන්නේ වේ. ගෙයක් නොහදන්නේ වේ. මහණෙනි, වසන ගෙවල් නොහදන මීයා යම් සේද, මහණෙනි, මම මේ ප්දගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ ගෙයක් නොකරන්නේ වේද, නොවසන්නේ වේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර, ගාථා මිශ්‍ර සූත්‍ර, නිර්ගාථක සූත්‍ර, ගාථා, ප්‍රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්‍ර, පූර්‍වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණ නොගනිත්.
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනී.
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගෙයක් නොහදන්නේ, නොවසන්නේද වේ. මහණෙනි, ගෙයක් නොහදන, නොවසන මීයෝ යම්සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම ගෙය හදන්නේද, වසන්නේද වේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර, ගාථා මිශ්‍ර සූත්‍ර, නිර්ගාථක සූත්‍ර, ගාථා, ප්‍රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්‍ර, පූර්‍වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්.
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද,
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගෙයක් කරන්නේද, වසන්නේද වේ. මහණෙනි, ගෙයක් කරන්නාවූද, වසන්නාවූද මීයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳු යයි කියමි. මහණෙනි, මුසිකයන්ට උපමා ඇති මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’