අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(14) 4. පුද්ගල වර්‍ගය

1. සංයෝජනප්පහාණ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ලෝකය භජනය කරණ,

’’සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද,

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ, සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද,

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ, සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද,

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීණවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීනවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීනවූවාහු වෙත්ද,

’’මහණෙනි, කවර පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ සංයෝජන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, ඉපදීම ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, ඒ සකෘදාගාමී පුද්ගලයාටය. මහණෙනි, මේ පුද්ගලයාට කාම ධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්.

’’මහණෙනි, කවර පුද්ගලයෙකුට කාම ධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, භය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උද්‍ධංසොත අකනිට්ඨගාමී පුද්ගලයාටය. මහණෙනි, මේ පුදග්ලයාට කාම ධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. උත්පත්තිය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. භවය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්.

’’මහණෙනි, කවර පුද්ගලයෙකුට කාම ධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන වූවාහුද, උත්පත්තිය දෙන සංයෝජන ප්‍රහීන වූවාහුද, භවය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහුද, අනන්තරාපරිනිබ්බායී පුද්ගලයාටය. මහණෙනි, මේ පුද්ගලයාට කාමධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවෙත්.

’’මහණෙනි, කවර පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ සංයෝජන ප්‍රහීන වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්ද, රහතන් වහන්සේටය. මහණෙනි, මේ පුද්ගලයාට කාමධාතුව පරිහරණය කරණ සංයෝජන ප්‍රහීන වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’