අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(15) 5. ආභා වර්‍ගය

5. පජ්ජොතචතුක්ක සූත්‍රය

’’මහණෙනි, මේ පජ්ජොත සතරක් වෙත්. කවර සතරක්ද යත්. චන්‍ද්‍ර ප්‍රද්‍යොතය, සූරියප්‍රද්‍යොතය, අග්ගිප්‍රද්‍යොතය, ප්‍රඥාප්‍රද්‍යොතය යන සතරයි. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයෝයි. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන්ගෙන් යම් මේ ප්‍රඥාප්‍රද්‍යොතයක් ඇද්ද, එය ශ්‍රෙෂ්ඨයි.’’