අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

4. කොධ ගරුක සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?

’’ක්‍රොධය ගරුකොට ඇත්තේ වේ. සද්‍ධර්‍මය ගරුකොට නැත්තේ වේ. මකු ගතිය ගරුකොට ඇත්තේ වේ. සද්‍ධර්‍මය ගරුකොට නැත්තේ වේ. ලාභය ගරුකොට ඇත්තේ වේද. සද්‍ධර්‍මය ගරුකොට නැත්තේ වේ. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.’’

’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? සද්‍ධර්‍මය ගරුකොට ඇත්තේ වේ. ක්‍රොධය ගරුකොට නැත්තේ වේ. සද්ධර්මය ගරුවේ. මකු ගුණය ගරු නොවේ. සද්ධර්මය ගරු කරන්නේ වේ. ලාභය ගරු නොකරන්නේ වේ. සද්ධර්මය ගරු කරන්නේ වේ. සත්කාරය ගරු නොකරන්නේ වේ. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.’’