අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. මචල වර්‍ගය
9. තතිය සමණ මචල සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
’’ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.’’
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ මචල වේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද,
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත් ඵල ඤාණයෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තද, අෂ්ට විමොක්‍ෂයෙන් කයින් ස්පර්‍ශකොට වාසය නොකරයිද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තවූයේද, අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශකොට වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේ.

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ.