අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

10. චතුත්‍ථ ශ්‍රමණ මචල සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

’’ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.’’

’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ ශ්‍රමණ මචල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශෛක්‍ෂ වේද, නොපැමිණි අර්‍හත්‍වය ඇත්තේ, නිරුත්තරවූ නිර්‍වාණය පතමින් වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි..

’’අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශ නොකොට වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි..

’’මහණෙනි, මෙසේ වනාහි ශ්‍රමණ පදුම වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුඛුමාල වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැඩොල් කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, සොම්මර කුලයෙහි හෝ, පුස්සඩු කුලයෙහි හෝ උපන්නේ වේද, යම් තැනක දුකින් කෑම ඇඳීම ලැබේද, දිළිඳුවූ, අල්පවූ, ආහාර, පාන, භෝජන ඇති දුකින් ජීවිකා වෘත්තිය කරණ යථොක්ත නීච කුලයක උපන්නේ වේද, හෙතෙමේද දුර්‍වර්‍ණද, අවලක්‍ෂණද, මිටිද, රෝගීද, කණද, අත් කොරද, පා කොරද, කුදුද, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, ගඳ, විලවුන්, අසුන්, වාසස්ථාන, පහන් නොලැබෙන්නේ වේද?’’

’’හෙතෙම කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, හෙතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්‍ග ලෝකයෙහි උපදී.’’

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම අඳුරෙහි වේ. ආලෝකයට යන්නේ වේ.

’’මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලොකයෙහි විද්‍යමාන වන්නාහුය.’’

නවවෙනි මචල වර්‍ගය නිමි.