අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

10. දුතිය ආගාරව සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

’’කවර පසකින්ද යත්, මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම

’’ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසුවේ.

’’මහණෙනි, ලජ්ජා නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, භය නැති භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, කුසීතවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම

’’ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

’’කවර පසකින්ද යත්?

’’මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

’’මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ. මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

පළමුවැනි සෙඛබල වර්‍ගය නිමි.