අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
5. ඵාසුවිහාර සූත්‍රය
’’මහණෙනි, මේ ඵාසුවිහරණ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ බ්‍රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද, රහසද, මෛත්‍රී සිතින් පවත්වන ලද කායකර්මය පිහිටුවන ලද්දේ වේද, මෛත්‍රී සිතින් පවත්වන ලද වාක්කර්මය පිහිටුවන ලද්දේ වේද, මෛත්‍රී සිතින් පවත්වන ලද මනොකර්මය සබ්‍රම්සරුන් කෙරෙහි ඉදිරියෙහිද, රහසද පිහිටුවන ලද්දේ වේද, නොකඩවූ, සිදුරු නොවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාස කමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්‍ශණය නොකරණ ලද්දාවූ, සමාධි පිණිස පවත්නාවූ යම් ඒ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් බ්‍රහ්මචාරීන් හා ඉදිරියෙහිද, රහසද ශීලයෙන් සමාන බවට පැමිණියේ වාසය කෙරෙයිද, ආර්‍ය්‍යවූ, නෛර්‍ය්‍යානිකවූ, යම් මේ දාෂ්ටියක් තොමෝ ඒ කරන්නහුගේ මනාව දුක් නැතිකිරීම පිණිස පවතීද, එබඳු දෘෂ්ටියෙන් බ්‍රහ්මචාරීන් හා ඉදිරියෙහිද, රහසද දෘෂ්ටිහුගේ සමානබවට පැමිණියේ වාසය කෙරේද යන පසයි.
’’මහණෙනි, මේ ඵාසුවිහරණ පසක් වෙත්.