අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(14) 4. රාජ වර්‍ගය

3. අරාජක චක්ක සූත්‍රය

’’මහණෙනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ යම් සක්විති රජෙකුත් වේද, හෙතෙමේද රජෙක් නැත්තාවූ අණසක නොපවත්වාය’’ යි වදාළ සේක.

’’මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජහට කවරෙක් නම් රජ වේද?’’

’’මහණ, ධර්මයයි’’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මේ ලෝකයෙහි ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජ තෙම

’’ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ,

’’ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්‍ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ ආරක්‍ෂාවරණ ගෝපනය

’’ක්‍ෂත්‍රියයන් කෙරෙහිද, අනුව යෙදුනවුන් කෙරෙහිද, බල සෙනග කෙරෙහිද, බමුණු ගැහැවියන් කෙරෙහිද, නියම් ගම් දනව් වැස්සන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්‍ෂීන් කෙරෙහිද මනාකොට විධාන කරයි.

’’මහණ, මේ ධාර්මිකවූ, ධර්මරාජන්වූ, සක්විති රජ තෙමේ වනාහි ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි සංවිධානය කොට ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්‍ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි. දැහැමින් අණසක පවත්වයි.

’’ඒ අණසක කිසියම් මනුෂ්‍යවූ, පසමිතුරුවූ, ප්‍රාණියෙකු විසින් නොපැවැත්විය හැකිවේ.

’’මහණ, මෙපරිද්දෙන්ම අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ, ධාර්මිකවූ, ධර්‍ම රාජන්වූ තථාගත තෙමේ වනාහි ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය භික්‍ෂූන් කෙරෙහි සංවිධාන කරයි.

’’මෙබඳුවූ කාය කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ කාය කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ වාක් කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ වාක් කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ මනො කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ මනො කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය කටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය නොකටයුතුය. මෙබඳුවූ ගම් නියම්ගම් සේවනය කටයුතුය. මෙබඳුවූ ගම් නියම් ගම් සේවනය නොකටයුතුයයි.

’’මහණ, නැවත අනිකක්ද කියමි. අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ තථාගත තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය

’’භික්‍ෂූන් කෙරෙහිද, භික්‍ෂුණීන් කෙරෙහිද, උපාසකයන් කෙරෙහිද, උපාසිකාවන් කෙරෙහිද සංවිධාන කරයි.

’’මෙබඳුවූ කාය කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ කාය කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ වාක් කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ වාක් කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ මනො කර්‍මය සේවනය කටයුතුය. මෙබඳුවූ මනො කර්‍මය සේවනය නොකටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය කටයුතුය. මෙබඳුවූ ජීවිකාව සේවනය නොකටයුතුය. මෙබඳුවූ ගම් නියම්ගම් සේවනය කටයුතුය. මෙබඳුවූ ගම් නියම් ගම් සේවනය නොකටයුතුයයි.

’’මහණ, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ තථාගත තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය භික්‍ෂූන් කෙරෙහිද, භික්‍ෂුණීන් කෙරෙහිද, උපාසකයන් කෙරෙහිද, උපාසිකාවන් කෙරෙහිද සංවිධාන කරයි. ධර්‍මයෙන්ම නිරුත්තරවූ ධර්‍මචක්‍රය පවත්වයි. )සස’ ඒ ධර්‍ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.