අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(14) 4. රාජ වර්‍ගය
6. ඔපරජ්ජපත්‍ථනා සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මසතකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම යුව රජ බව පතයි.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම
’’මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,
’’විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වේද,
’’මව්පියන්ට ප්‍රියයෙක් මනාපයෙක් වේද, නියම්ගම් දනව් වැස්සාට ප්‍රියයෙක් මනාපයෙක් වේද,
’’බල සෙනගට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේද, පණ්ඩිතවූයේ, ව්‍යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ, අර්ත්‍ථයන් සිතන්ට සමර්ත්‍ථ වේද,
’’ඔහුට මෙබඳු සිතක් වෙයි. ’මම වනාහි මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද’ මම වනාහි විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්‍රසාද එලවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද. මම වනාහි මව් පියන්ට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි බල සෙනගට ප්‍රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි පණ්ඩිතවූයේ, ව්‍යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ අර්ත්‍ථයන් සිතන්ට සමර්ත්‍ථ වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්දැයි යන පසිනි.
(1) මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම යුව රජ බැව් පතයි.
(2) මහණෙනි, මෙපරිද්දෙන් ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආශ්‍රවයන් නැසීම පතයි.
’’ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ, සම්පූර්‍ණවූ භාණ්ඩාගාර කොටුගුල් ඇත්තේ වේද, බලවත්වූයේ වනාහි කීකරුවූ, අවවාදය අනුව කරන්නාවූ, සිව්රඟ සෙනගින් යුක්ත වූයේ වේද, මොහුට වනාහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණ ඇත්තාවූ, පසුගියාවූද, පැමිනෙන්නාවූද, පවත්නාවූද කාලයන් පිළිබඳවූ, කරුණු සිතන්ට සමර්ත්‍ථවූ පුත්‍රයෙන් වේද, ඔහුගේ මේ ධර්ම සතර යශස මුහුකුරුවත්. හෙතෙම මේ පස්වෙනි ධර්මයෙන් යුක්තවූයේ, යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි. සිල්වත්වූයේද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇත්තේ වේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්‍ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්‍මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්‍මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වනාහි කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි සිල්වත්වූයේද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
’ කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්‍ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්‍මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්‍මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, කුමක් හෙයින් මම ආශ්‍රවයන් නැසීම නොපතන්නෙම්දැයි යන පසිනි. මහණෙනි, මෙපරිද්දෙන් ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආශ්‍රවයන් නැසීම පතයි.