අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(15) 5. තිකණ්ටකී වර්‍ගය
2. විප්පටිසාරී සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ඇවැත්ද මඩියි. ඒ හේතුවෙන් විපිළිසර ඇත්තේද වේ.
’’යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩියිද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ නොවෙයිද,
’’යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි. )
’’මහණෙනි, එහි යම් ඒ පුද්ගලයෙක් තෙම ඇවැත් මඩීද, ඒ හේතෙුවෙන් විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. (2) ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන වෙත්. (3) විපිළිසර වීමෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයන් හැර විපිළිසර වීමෙන් හටගත් ආශ්‍රවයන් දුරලා විදර්‍ශනා සිතද, එය හා යෙදුනු ප්‍රඥාවද වඩන සේක්වා ඒකාන්තයෙන් යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ ප්සවන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේයයි
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන වෙත්. විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් නොවැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත් ආශ්‍රවයන් හැර විදර්‍ශනා සිතද, ප්‍රඥාවද වඩාවා ඉතා මැනවි. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සම වූවෙක් වන්නේය’ යි.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් තෙම ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. (2) ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන නොවෙත්. (3) විපිළිසරයෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයන් දුරුකොට විදර්‍ශනා සිතද, ඒ හා යෙදුනු ප්‍රඥාවද වඩාවා ඉතා යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ ප්සවන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේයයි
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන නොවෙත්. විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් නොවැඩෙත්. ආයුෂ්මත් තෙමේ විදර්‍ශනා සිතද, ඒ හා යෙදුනු ප්‍රඥාවද වඩාවා ඉතා යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සම වූවෙක් වන්නේය’ යි.
’’මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයන් සතරදෙනා මේ පස්වන පුද්ගලයා විසින් මෙසේ අවවාද කරණු ලබන් නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, පිළිවෙළින් ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙත්ය’ යි වදාළ සේක.