අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

8. සඹම්මවචන සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම චුතවේ. ශාසනයෙහි නොපිහිටයි. කවර පසකින්ද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, පවට ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, පවට භය නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසන යෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ශික්‍ෂු තෙම චුත නොවෙයි, ශාසනයෙහි පිහිටයි. කවර පසකින්ද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ලජ්ජා ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, භය ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටාය’’ යි වදාළ සේක.