සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
2. දෙවැනි වර්ගය
3–10. සුවණ්ණ නික්ඛ සූත්‍රය ආදී වූ අට
සුවණ්ණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම රත්රන් කාසියක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනාලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,” මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(තුන්වෙනි සුවණ්ණ සූත්‍රය නිමි.)
සුවණ්ණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම රන්කාසි සියයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනාලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(සතරවෙනි සුවණ්ණ සූත්‍රය නිමි.)
සිඩ්ගි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම සිඩ්ගි නම් රන්කාසියක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
‘මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පස්වෙනි සිඩ්ගි සූත්‍රය නිමි.)
සිඩ්ගි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත් තෙම සිඩ්ගි නම් රන්කාසි සියයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසු කලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනාලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හයවෙනි සිඩ්ගි සූත්‍රය නිමි.)
පුථුවි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම රත්රන්වලින් පිරුණාවූ පෘථුවිය නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හත්වෙනි පුථුවි සූත්‍රය නිමි.)
කිඤ්චික්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම කිසියම් ආමිසයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසු කලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(අටවෙනි කිඤ්චික්ඛ සූත්‍රය නිමි.)
ජීවිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගනිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම ජීවිතය නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(නවවෙනි ජීවිත සූත්‍රය නිමි.)
ජනපද කල්‍යාණී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි. (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම ජනපද කල්‍යාණිය (ජනපදයෙහි වූ උතුම් ස්ත්‍රිය) නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරුව කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දසවෙනි ජනපද කල්‍යාණි සූත්‍රය නිමි.)
දෙවෙනි වර්ගය නිමි.
පාති සූත්‍ර දෙකද, සුවණ්ණ සූත්‍ර දෙකද, අන්‍යවූ සිඩ්ගි සූත්‍ර දෙකද, පුථුවි සූත්‍රයද, කිඤ්චික්ඛ සූත්‍රයද, ජීවිත සූත්‍රය සහ ජනපද කල්‍යාණී සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.