සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
3. තුන්වැනි වර්ගය
5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර කීර්ති, ප්‍රශංසාවගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය ඇති පරිදි නොදනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇතිපරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදිනවද, නිස්සරණයද නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය ඇතිපරිදි දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.”
(පස්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)