සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
4. නො ච මෙසියා සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ අතීතයෙහි නොවූයෙම් නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන දෘෂ්ටිය උපදීද?” -“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.”
[3] “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ අතීතයෙහි නුවූයේනම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නේ නම් මතු නොවන්නෙම් යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇතිකල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පැමිණ අතීතයෙහි නුවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පැමිණ අතීතයෙහි නොවූයේ නම් මෙහි නොවෙමි. මෙහි නොවන්නෙම් නම් මතු නොවන්නෙමි යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, වෙනස්වන ස්වභාවද එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම් නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙමි නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වානොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සඤ්ඤාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”
‘යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වානොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි. දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම්නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] ඇසින් දක්නාලද කණින් අසන ලද නාසය දිව කය යන තුනෙන් දන්නා ලද සිතින් දන්නාලද සොයන ලද විමසනලද යම් දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන අතීතයෙහි නුවූයෙම් නම් දැන් නොවෙමි, දැන් නොවන්නෙම් නම් මතු නොවන්නෙමියි යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේය.”
“මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදයෙහි සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහි සැක දුරුවූයේ වෙයි, ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාආර්ය සත්‍යයෙහිද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්නයෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(හතරවෙනි නො ච මෙසියා සූත්‍රය නිමි.)