සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
5. නත්ථි කරොථ සූත්‍රය (1)
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි; කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, අපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත් විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?”
“ස්වාමීනි, අපගේ දහම් භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු ඒ අර්ථය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගත්තාහුය.
[3] “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත් යන මේ දෘෂ්ටි උපදියි.
[4] “වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදානසංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත, ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි.
[5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘දෙන ලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහා යාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නොවෙත් හෙවත් නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදියි.
[6] “සංස්කාරය ඇතිකල්හි සංස්කාරය නිසා සංස්කාරයට පැමිණ ‘දෙනලද දෙයෙහි විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත මහායාගයන්ගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතරමහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙම යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරිසයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයි පත් පාට ඇතිවෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්, විනාශවෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටිය උපදියි.”
[7] “විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ දෙනලද දානයාගේ විපාක නැත. පුදනලද මහාදාන සංඛ්‍යාත යාගයාගේ විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති යහපත් ගති ඇති මහණ බමුණෝ ලෙව්හි නැත සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවර කොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පණවන ලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයෙකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාශ වෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - ‘ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහා භූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයි. තේජෝ ධාතුව, තේජෝධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවෙනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වෙනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිමතෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇතිවෙත්. දෙන ලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේවෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවන ලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාශ වෙත්, මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
[9] “වේදනාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවිධාතුව අනුව යයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද ඒ බාලයෝද, පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්, විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” -“ස්වාමීනි. එය නොවන්නේමය.”
[10] “සංඥාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍ය නම්. එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එයදැඩිලෙස නොගෙන දෙනලද දානයෙහි විපාක නැත. දෙන ලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහා භූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂ තෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුවයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනි කොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත් යන මේ දෘෂ්ටි උපදීද?” “ස්වාමීනි, එය නොවන්නේමය.”
[11] “සංස්කාරය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන, දෙනලද දානයෙහි විපාක නැත. දෙනලද යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුවයයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුවයයි. සිත සවැනිකොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතරදෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන් බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇතිවෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවර කොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත් මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[12] “විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස් වන ස්වභාවද, එය දැඩි වශයෙන් නොගෙන ‘දෙන ලද දානයෙහි විපාක නැත. කරණලද දානසංඛ්‍යාත යාගයෙහි විපාක නැත පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරිෂතෙමේ යම් කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි, ආපෝධාතුව, ආපෝධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝධාතුව අනුව යයි සිත සවැනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනි කොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත්. ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, කායයාගේ බිඳී මෙන් සිඳෙත්. විනාස වෙත්. මරණින් මතු නොම උපදිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[13] “ඇසින් දකිනලද කණින් අසනලද නාසය දිව කය යන තුනෙන් දන්නා ලද සිතින් දන්නා ලද පැමිණෙනලද සොයන ලද විමසන ලද යම් මේ දෙයක් වේද, එයද නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි දුකය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩි ලෙස නොගෙන ‘දෙන ලද දානයෙහි විපාක නැත. යාග සංඛ්‍යාත මහාදානයෙහි විපාක නැත, කරණලද පූජාසත්කාරයන්ගේ විපාක නැත. කරණලද කුසලාකුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. පරලොවක් නැත මෙලොවක් නැත. මවෙක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් තුමූ මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දනිත්ද, මනාකොට පිළිපන් යහපත් ගති ඇති එබඳු මහණ බමුණෝ ලෝකයෙහි නැත, සතර මහා භූතයින් නිසා උපන් මේ පුරිෂතෙමේ යම් දිනෙක කළුරිය කෙරේද, පෘථිවි ධාතුතොමෝ පෘථිවි ධාතුව අනුව යයි. ආපෝ ධාතුව ආපෝ ධාතුව අනුවයයි. තේජෝ ධාතුව තේජෝ ධාතුව අනුව යයි වායෝ ධාතුව වායෝ ධාතුව අනුව යයි. මනස සයවෙනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට යත්. ඇඳ පස්වැනි කොට ඇති පුරුෂයන් සතර දෙනෙක් මෘත ශරීරය ගෙනයත්, සොහොන දක්වා ගුණාගුණපදයෝ ප්‍රකට වෙත්. ඇට පරෙයි පියාපත් පාට වෙත්, දාන විපාකයෝ අළු කෙළවරකොට පවතිත්, බාලයන් විසින් පනවන ලද මෙම දානය නම් ඔවුන්ගේ හිස්වූ අසත්‍යවූ ප්‍රලාපයකි. යම් කිසිවෙක් විපාක ඇත යන වාදය කියත්ද, ඒ බාලයෝ පණ්ඩිතයෝද කායයාගේ බිඳීමෙන් සිඳෙත්. විනාස වෙත්. මරණින් මතු නොවෙත් යන මේ දෘෂ්ඨිය උපදින්නේද?” - “ස්වාමීනි, මෙය නොවන්නේමය.”
“මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැකදුරු වූයේ වෙයිද, ඔහුට දුකෙහිද සැක දුරු වූයේ වෙයි. දුඃඛයෙහිද සැක දුරුවූයේ වෙයි. දුඃඛ සමුදයෙහිද සැක දුරුවූයේ වෙයි. දුඃඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුඃඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදායෙහිද සැක දුරු වූයේ වෙයි, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙමේ සෝවාන් වූවෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(පස්වෙනි නත්ථි කරොථ සූත්‍රය (1) නිමි.)