සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

4. ඵස්ස සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)

[2] “මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය සිතේ කිලුටුවීමයි. සොත සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. ඝාණ සම්ඵස්සයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය නාසයේ කිලුටුවීමයි ජිව්හා සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක්වේද, එය දිවෙහි කිලුටුවීමයි. කාය සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටුවීමයි. මනෝ සම්ඵස්සයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.