සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

5. වේදනා සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි)

[2] “මහණෙනි, චක්ඛු ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. ඝාණ ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයේ කිලුටුවීමයි. ජිව්හා ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද එය දිවෙහි කිලුටුවීමයි. කාය ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටුවීමයි. මනො ස්පර්ශයෙන් උපන් වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිත පිළිබඳ කිලුටුවීමයි.