සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
6. කිලෙස සංයුත්තය
6. සඤ්ඤා සූත්‍රය
[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, රූප සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද එය සිතේ කිලුටුවීමයි. සද්ද සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. ගන්ධ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයේ කිලුටුවීමයි. රස සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටුවීමයි. ඵොට්ඨබ්බ සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටුවීමයි. ධම්ම සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.