සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

7. චේතනා සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි)

[2] “මහණෙනි, රූප සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සද්ද සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටු වීමයි. ගන්ධ සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයෙහි කිලුටුවීමයි. රස සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටු වීමයි. ඵොට්ඨබ්බ සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටු වීමයි. ධර්ම සංචේතනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.