සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

3. සබ්බ වර්‍ගය

4. පරිජාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේද?’’

’’මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. රූපයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

’’මහණෙනි, කණ විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ශබ්දයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. සොත විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සොතසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සොතසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

’’මහණෙනි, නාසය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ගන්‍ධයෝ විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.’’

’’මහණෙනි, දිව විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. රසයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

’’මහණෙනි, කය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ස්පර්‍ශයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. කායවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.’’ ’’මහණෙනි, සිත විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ධර්‍මයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. මනොවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනොසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනොසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.’’

’’මහණෙනි, මේ වනාහි සියල්ල විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසු නොවේ.

’’මහණෙනි, සියල්ලද වනාහි විශෙෂයෙන් දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේ. මහණෙනි, කවරනම් සියල්ලක් මනාව පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේද?’’

’’මහණෙනි, ඇස මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රූපයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්‍ෂුර්විඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.’’’ ’’මහණෙනි, කණ මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ශබ්දයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.’’’

’’මහණෙනි, නාසය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ගන්‍ධයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.’’’

’’මහණෙනි, දිව මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රසයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.’’’

’’මහණෙනි, කය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ස්පර්‍ශයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.’’’

’’මහණෙනි, සිත මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ධර්‍මයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ’’’ යයි (වදාළ සේක.)