සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
10. අව්‍යාකත සංයුත්තය
5. පේම සූත්‍රය
(මෙහි පළමුවෙනි ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ පළමුවෙනි ඡෙදය මෙනි.)
“ඇවැත්නි, රූපයෙහි පහනොවූ රාගය ඇති, පහ නොවූ කැමැත්ත ඇති, පහනොවූ ආශාව ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ දාහය ඇති, පහනොවූ තණ්හාව ඇති පුද්ගලයාට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, වේදනාවෙහි පහනොවූ රාගය ඇති, පහ නොවූ කැමැත්ත ඇති, පහනොවූ ආශාව ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ දාහය ඇති, පහනොවූ තණ්හාව ඇති පුද්ගලයාට සත්වතෙමේ මරණින්මතු වේයයිද සිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, සංඥාවෙහි පහනොවූ රාගය ඇති, පහනොවූ කැමැත්ත ඇති, පහනොවූ ආශාව ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ දාහය ඇති, පහනොවූ තණ්හාව ඇති පුද්ගලයාට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, සංස්කාරයන්හි පහනොවූ රාගය ඇති පහනොවූ කැමැත්ත ඇති, පහනොවූ ආශාව ඇති පහනොවූ පිපාසය ඇති, පහනොවූ දාහය ඇති, පහනොවූ තණ්හාව ඇති පුද්ගලයාට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, විඤ්ඤාණයෙහි පහනොවූ රාගය ඇති, පහ නොවූ කැමැත්ත ඇති පහනොවූ ප්‍රේමය ඇති, පහනොවූ පිපාසය ඇති, පහනොවූ දාහය ඇති, පහනොවූ තෘෂ්ණාව ඇති පුද්ගලයාහට සත්වයා මරණින් මතු වේයයි සිතේ.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, රූපයෙහි පහවූ ආශා ඇති, පහවූ කැමැත්ත ඇති, පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දාහය ඇති, පහවූ තෘෂ්ණාව ඇති පුද්ගලයාට සත්ව තෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.
“ඇවැත්නි, වේදනාවෙහි පහවූ ආශා ඇති, පහවූ කැමැත්ත ඇති පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දාහය ඇති, පහවූ තෘෂ්ණාව ඇති, පුද්ගලයාට සත්ව තෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.
“ඇවැත්නි, සංඥාවෙහි පහවූ ආශා ඇති, පහවූ කැමැත්ත ඇති, පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දාහය ඇති, පහවූ තෘෂ්ණාව ඇති පුද්ගලයාට සත්ව තෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.
“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.
“ඇවැත්නි, සංස්කාරයන්හි පහවූ ආශාව ඇති, පහවූ කැමැත්ත ඇති, පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දාහය ඇති, පහවූ තෘෂ්ණාව ඇති පුද්ගලයාට සත්ව තෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.
“සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේ නොවේයයිද නොසිතෙයි.
“විඤ්ඤාණයෙහි පහවූ රාග ඇති, පහවූ කැමැත්ත ඇති, පහවූ ප්‍රේමය ඇති, පහවූ පිපාසය ඇති, පහවූ දාහය ඇති, පහවූ තෘෂ්ණාව ඇති පුද්ගලයාට සත්වතෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි.
සත්වතෙමේ මරණින් මතු නොවේයයිද, නොසිතේ. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතේ.
“සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයි නොසිතෙයි. ඇවැත්නි යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලද්දේද, මේ ඊට හේතුවයි මේ ඊට ප්‍රත්‍යයයි.”