සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. බලකරණීය වර්ගය
2. බීජගාම භූතගාම සූත්‍රය
(මේ සූත්‍ර සියල්ලේම ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ මෙනි.)
මහණෙනි, යම්කිසි ගස්වැල් ජාතීහු වැඩීමට මහත් බවට පැමිණේද ඒ සියල්ල ගස්වැල් ජාතීහු පොළොව නිසාම පොළොවෙහි පිහිටාම යම්සේ වැඩෙත්ද, මහණෙනි, එසේම මහණතෙම සීලය නිසාම සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙයි. මහණෙනි, මහණතෙම කෙසේ සීලය නිසා ශුද්ධිසීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙයිද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණේයයි” වදාළසේක.