සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. බලකරණීය වර්ගය
4. රුක්ඛ සූත්‍රය
“යම්සේ මහණෙනි, පෙරදිගට නැමුනු පෙරදිගට හැරුණු පෙරදිගට බරවූ වෘක්ෂයතෙම මුල් කැපූ කල්හි කිනම් පැත්තකට වැටෙන්නේද?
“ස්වාමීනි, යම් දිගකට නැමුනේද? යම් දිගකට හැරුණේද යම් දිගකට බරව පවත්නේද? ඒ දිගට වැටෙයි.”
“මහණෙනි, එසේම වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරව පවත්නේ වේ. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි” වදාළසේක.