සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
1. මිච්ඡත්ත සූත්‍රය
(මේ වර්ගයේ සූත්‍ර දහවෙනි සූත්‍රය හැර අනික් සූත්‍ර දෙවෙනි වර්ගයේ 4 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, තොපට වැරදි ස්වභාවයද දෙශනා කරන්නෙමි. යහපත් ස්වභාවයද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වැරදි ස්වභාවය කුමක්ද? ඒ මෙසේයි. මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුයි. මහණෙනි, මේ වැරදි ස්වභාවයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාවය කෙසේද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ සම්‍යක් ස්වභාවයයි කියනු ලැබේ.