සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
2. අකුසල සූත්‍රය
“මහණෙනි, තොපට අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අකුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු අකුසල ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, කුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු කුසල ධර්මයෝයයි කියනු ලැබෙත්.